ඉදිරි මාස 03 විශේෂයි - මෙරට ක්‍රිකට් වෙනුවෙන් කරන්න දෙය මෙන්න.

Report

ඉදිරි මාස තුන ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් නගා සිටුවීම සඳහා කටයුතු කරන බව ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයේ සභාපති හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සඳහන් කළේ ය.

ඊයේ (06) පස්වරුවේ ක්‍රිකට් ආයතනයට පැමිණ සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.

එහිදී මුදල් හෝ වාහන කිසිවක් තමන් ලබා නොගන්නා බවත් අවසානවරට යම් වැඩ කොටසක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සිදු කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ සඳහා වියදම් අඩු කිරීම සම්බන්ධයෙන් ද අදාළ නිලධාරී සමග සාකච්ඡා කළ බව ඔහු එහිදි කියා සිටියේ ය.