ශ්‍රී ලංකාවේ අධිකරණ අලුත් වෙයි - අධිකරණ 350ක් වෙත නිල විද්‍යුත් තැපැල් පහසුකම් එක්ක Voice-to-Text සහ වීඩියෝ සම්මන්ත්රණ පහසුකම්
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අධිකරණ 350ක් වෙත නිල විද්‍යුත් තැපැල් පහසුකම් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම අධිකරණ ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ‘e-Court’ ව්‍යාපෘතිය වෙනුවෙන් 2025 දෙසැම්බර් 15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.
එසේම එහි මූලික පියවරක් වශයෙන් මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ සහ මහාධිකරණ සඳහා නඩු ගොනු කළමනාකරණයට අවශ්‍ය ඩිජිටල් පද්ධති නිර්මාණය කරමින් පවතින බව සඳහන්.
අඳාළ ක්‍රියාවලියේ මූලික අවශ්‍යතාවක් වන නිල විද්‍යුත් තැපැල් පහසුකම් අධිකරණ පද්ධතියේ සියලුම මට්ටම්වල නිලධාරීන් වෙත ලබාදීමට නියමිත බව වාර්තා වේ.
අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි
එමෙන්ම, අධිකරණවල පවතින ලඝු ලේඛක හිඟයට විසඳුමක් වශයෙන් වාචික ප්‍රකාශ එම අවස්ථාවේදීම ලේඛන බවට පරිවර්තනය කිරීමේ (Voice-to-Text) තාක්ෂණික පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවද හඳුනා ගෙන ඇත.
එමෙන්ම 2025 අංක 7 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත සහ 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන යටතේ මාර්ගගත ක්‍රමයට නඩු විභාග කිරීමට සියලුම අධිකරණ වෙත වීඩියෝ සම්මන්ත්රණ පහසුකම් ලබාදීමටද සැලසුම් කර ඇත.
අද උදෑසන 9 සිට ඔක්තෝබර් 08 වන දින දක්වා මේ අයට ජල සැපයුම අත්හිටුවන බවට විශේෂ නිවේදනයක් - වතුර කපන ප්‍රදේශ මෙන්න
එබැවින් රාජ්‍ය නිල තොරතුරු ද්වාරය වන gov.lk යටතේ ‘courts.gov.lk’ නිල නාමය සහිතව අධිකරණ 350ක් වෙනුවෙන් නිල විද්‍යුත් තැපැල් ගිණුම් 1,050ක් මූලික අදියරේදී ලබාදීමටත්, Voice-to-Text සහ වීඩියෝ සම්මන්ත්රණ පහසුකම්ද ඇතුළත් වන ලෙස එම ගිණුම් වෙනුවෙන් සත්කාරක පහසුකම් සැපයීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ වෙනුවෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.