ලංකාවේ පෙට්‍රල් හා ඩීසල් තියෙන්නේ මාසෙකට - ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පවසන්නේ ඉරාන යුද තත්ත්වය ආරම්භ වීමත් සමඟ රටේ ඇතැම් ප්‍රදේශවල ජනතාව අනවශ්‍ය ලෙස කලබල වී ඇති බවත්, එලෙස කලබල වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්ය.

පවතින ඉන්ධන තොග ගණනය කිරීමේදී මාසයකට වැඩි කාලයක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන මෙරට සතුව පවතින බව ඔහු පවසයි.

බොරතෙල් මිල ඉහළට - ජනතාව අසරණ වෙයි

බොරතෙල් මිල ඉහළට - ජනතාව අසරණ වෙයි

සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළ තොරතුරු අනුව දැනට පවතින ඉන්ධන තොග ප්‍රමාණයන් මෙසේයි.

  • පෙට්‍රල්: දින 37කට ප්‍රමාණවත්.
  • ඔටෝ ඩීසල්: දින 35කට ප්‍රමාණවත්.
  • ගුවන් යානා ඉන්ධන: දින 47කට ප්‍රමාණවත්.

අප්‍රේල් සහ මැයි මාසය දක්වා ඇණවුම් කර ඇති ඉන්ධන තොග ලැබීමේ ප්‍රමාදයක් ඇති නොවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඩුබායි වරාය ගිනි ගනී - ඉරාකයේ බෝම්බ පිපිරීමක් - 133ක් ජීවිතක්‍ෂයට

ඩුබායි වරාය ගිනි ගනී - ඉරාකයේ බෝම්බ පිපිරීමක් - 133ක් ජීවිතක්‍ෂයට

ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන (පෙට්‍රල් සහ ඩීසල්) ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ ඉන්දියාව, සිංගප්පූරුව, කොරියාව සහ මැලේසියාව යන රටවලින් බැවින් මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය හෝ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම මෙරට ඉන්ධන සැපයුමට එල්ල කරන බලපෑම අවම බව සභාපතිවරයා පවසා ඇත. ඒ හේතුවෙන් කලබලකාරි මිලදී ගැනීම් සඳහා යොමු නොව ලෙස එම සංස්ථාව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මේ අතර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදු කරන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එහි විධායක කමිටු සාමාජිකයෙකු ප්‍රකාශ කළේ, හෙට (02) දිනයෙත් සුපුරුදු පරිදි ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කරන බවය. 

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි