අද රටම සමරන 78 වන නිදහස් දින සැමරුම

Report

 78 වැනි ජාතික නිදහස් දිනය අදට යෙදී ඇත. ඒ අනුව "ගොඩනගමු ශ්‍රී ලංකා" මැයෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

එමෙන්ම මෙවර නිදහස් උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නිලධාරීන් 287දෙනෙක් සහභාගි වීමට නියමිතයි.

යුද හමුදාව සඳහන් කළේ සෙසු නිලයන් 4,298 නිදහස් උත්සවය සඳහා එක්වීමට නියමිත බවයි.

ගොඩනඟමු ශ්‍රී ලංකා තේමාව යටතේ සමරන 78වන නිදහස් දින උත්සවය අදයි

ගොඩනඟමු ශ්‍රී ලංකා තේමාව යටතේ සමරන 78වන නිදහස් දින උත්සවය අදයි

ඊට අමතරව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා කියා සිටියේ නිදහස් දින ප්‍රධාන අචාර පෙළ පාලිය සඳහා නාවික හමුදාවේ අංශය 8ක් නියෝජනය කරමින් නිලධාරින් එක්වීමට නියමිත බවයි.

එමෙන්ම මෙවර නිදහස් උත්සවය සඳහා ගුවන් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 62ක් සහ සෙසු නිලයන් 521 දෙනෙකු ඇතුළුව 583 දෙනෙකු එක්වීමට නියමිත බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළා.

රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාරය තුළ වාසි රැසක් ලැබෙන අද දවසේ ලග්න පලාපල මෙන්න

රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාරය තුළ වාසි රැසක් ලැබෙන අද දවසේ ලග්න පලාපල මෙන්න

මීට පස්සේ ගෙවල් කුලියට ලබා දෙන පුද්ගලයින්ට මොකද වෙන්නේ? අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

මීට පස්සේ ගෙවල් කුලියට ලබා දෙන පුද්ගලයින්ට මොකද වෙන්නේ? අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්