මිලියන 182.6ක හිගයක් ගැන මහ බැංකුවෙන් වාර්තාවක්

Report

2025 වසරේ පළමු මාස 8 තුළ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුම අතිරික්තයක් වාර්තා කළත් පළමු වරට ඉකුත් සැප්තැම්බර් මාසයේදී ජංගම ගිණුමේ හිගයක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා දක්වයි.

ඒ අනුව ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙරට ජංගම ගිණුම ඇමෙරිකානු ඩොලර් මිලියන 182.6 හිඟයක් වාර්තා කර තිබෙනවා.

එය 2024 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 2.3 ක වර්ධනයක් බව සඳහන්.

එසේම 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට ජංගම ගිණුමේ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 178.4 ක් වේ.

ලංකා විදුලි බල මණ්ඩලයෙන් රටටම නරක ආරංචියක්

ලංකා විදුලි බල මණ්ඩලයෙන් රටටම නරක ආරංචියක්

කෙසේ වුවද මෙම වසරේ පළමු මාස 9 දී සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ජංගම ගිණුම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.85 ක අතිරික්තයක් වාර්තා කර තිබෙනවා.

ඒ පසුගිය වසරේ පළමු මාස 9ට සාපේක්ෂව සියයට 29 ක වර්ධනයක් ලෙසයි. මේ අතර ඉකුත් වසරේ පළමු මාස 9දී මෙරට ජංගම ගිණුමේ අතිරික්තය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.43 ක් වී ඇත.

එසේම මෙම වසරේ පළමු මාස 9 තුළ ශ්‍රී ලංකාවේ වෙළෙඳ ශේෂය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.17 දක්වා වර්ධනය වී ඇති අතර ඉකුත් වසරේ පළමු මාස 9 දී මෙරට වෙළෙඳ ශේෂය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.20 ක් බව සඳහන්.

සේවයෙන් නෙරපු දුම්රිය රියැදුරාට වසර හතරක් පඩිත් දීලා OT ත් දීලා විශ්‍රාම යවලා

සේවයෙන් නෙරපු දුම්රිය රියැදුරාට වසර හතරක් පඩිත් දීලා OT ත් දීලා විශ්‍රාම යවලා

කෙසේ වෙතත් ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක ඉක්මවීම නිසා සැප්තැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එයට ප්‍රධාන ලෙස වාහන ආනයන වියදම ඉහළ යාම හේතුවක් වී ඇත.

WhatsApp ගැන භයානක අනතුරු ඇඟවීමක්

WhatsApp ගැන භයානක අනතුරු ඇඟවීමක්