සුළු මොහොතකට පෙර හිටපු ඇමති පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම් නියම කෙරේ

By Kanchana Sep 01, 2026 07:36 AM GMT
Report

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ දුෂණ චෝදනාව යටතේ වරදකරු කෙරුණු හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය මිට සුළු මොහොතකට පෙර නියම කළේය.

2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළියට සහභාගි වූ දේශපාලන ආධාරකරුවන්ට ආහාර ලබාදීම සඳහා ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් එවකට සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ සිදුකෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසු එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද (01) දිනට දින නියමකර තිබුණි.

රාජ්‍ය සමාගමක් වන ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් අදාළ සංග්‍රහ කටයුතු සඳහා මාරවිල පිහිටි පෞද්ගලික කේටර්ස් ආයතනයට රුපියල් තුන්ලක්ෂ තිස්දහසක මුදලක් ගෙවා ඇති බවට චෝදනාවල සඳහන් වෙයි. එහිදී අදාළ මුදල් ගෙවීම සඳහා එවකට සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයාව සිටි පියංකර ජයරත්න මහතා ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ විධායක නිලධාරියා පොළබවා ඇති බවට අධිචෝදනාවල සඳහන් වී තිබුණි.