ගාණ අඩුයි කියලා බස් එකේ ගමන් ගියාද? ලබන 5 වෙනිදා ලොකු වෙනසක් වෙන්නයි යන්නේ - බස් මගීන් දැනුවත් වෙන්න

Report

ඊයේ (24) දින පුද්ගලික බස් සංගම් විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය එළඹෙන ජුලි මස පළමු වන දින සිට සිදුකරන ලෙස ඉල්ලීමක් සිදු කර ඇත.

ඒ අනුව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විසින් ඉදිරි දින පහ තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමට ද අපේක්ෂා කරන බව පැවසූ අතර ඊයේ දින ලිඛිතව එම ඉල්ලීම සිදුකළ බව ඔහු පවසයි.

"අපි මීට පෙර දැනුම් දුන්නේ 5 වෙනිදා වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන්න කියලා. ඩීසල් විල්‍යයනය බලලා මාසේ අන්තිමට තියෙන. ඊයේ අපි තීරණය කළා අපේ සියලු සංගම් සමඟ සාකච්ඡා කරලා, ඒ අයගේ අනුමැතිය අරන් ලිඛිත දැනුම්දීමක් කරා ඊයේ සුපුරුදු පරිදි ජූලි 1 වෙනිදාට වාර්ෂික බස් ගාස්තුව සංශෝධනය කරන්න කියලා. ඒ වගේම ජාතික ගමනා ගමන කොමිෂන් සභාවත් මේ දවස් 5 ඇතුළත කතා කරන්න කටයුතු කරනවා. අපේ මිල ගණන් සියල්ල අපි දීලා තියෙනවා. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙනවා ජුලි මාසයේ සංශෝධනය 15% ඉක්මවූ ප්‍රතිශතයක් ලැබෙයි කියලා."  

ගණන් නැග්ග තෙල් මිල බලන් ඉද්දි බිමට වැටෙයි - ඩොලර් 113ට ගිය තෙල් මිල අද ඩොලර් 70 බැහැලා

ගණන් නැග්ග තෙල් මිල බලන් ඉද්දි බිමට වැටෙයි - ඩොලර් 113ට ගිය තෙල් මිල අද ඩොලර් 70 බැහැලා

සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්වේ - ලෝකයේ තැන් තුනක එකවර භූමිකම්පා - හදිසි තත්ත්වයක්

සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්වේ - ලෝකයේ තැන් තුනක එකවර භූමිකම්පා - හදිසි තත්ත්වයක්