ගණන් නැග්ග තෙල් මිල බලන් ඉද්දි බිමට වැටෙයි - ඩොලර් 113ට ගිය තෙල් මිල අද ඩොලර් 70 බැහැලා
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද දින(25) ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70 සීමාවට ආසන්න අගයක් ගෙන ඇති බවයි.
එම පුවතට අනුව WTI ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70.05ක අගයක් ගන්නා අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.32 ක් වේ.
එමෙන්ම මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.45ක් දක්වා 4.57%කින් පහළ ගොස් ඇති අතර මැදපෙරදිග යුද්ධය ආරම්භ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මිල ගණන් පැවතියේ ඩොලර් 68ත් 70ත් අතර පරාසයකයි.
පසුගිය අප්‍රේල් 7 වනවිට ඩොලර් 113ට තිබූ තෙල් මිල අද වනවිට ඩොලර් 70 දක්වා පහළට වැටීම මැද පෙරදිග යුද්ධයේ දරුණු බලපෑම පෙන්වා දෙයි
ඒ අනුව පසුගිය දිනවල අඛණ්ඩව වෙනස් වූ බොරතෙල් මිලෙහි ප්‍රස්ථාරය පහත දැක්වේ.