බස් මගීන්ට සතුටු දායක ආරංචියක්..අලුත් ආණ්ඩුවෙන් කරන්න යන දේ මෙන්න..

Government Employee Technology Srilanka Bus
By Aruna Dec 26, 2024 05:10 AM GMT
Aruna

Aruna

Report

එළඹෙන අයවැයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ දහසක් ගෙන්වන බව ප‍්‍රවාහන හා මහා මාර්ග නියමිත ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.

අද ප්‍රදේශ රැසකට පැය 18ක හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න.

අද ප්‍රදේශ රැසකට පැය 18ක හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න.


හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටී. “අපි ලබන අය වැයෙන් බස්රථ 1000ක් ගේනවා.

ඒ වැඩේ අගෝස්තු වගේ වෙන විට ඉවරවේවි. ඒ ගේන්නේ ලොරි බොඩිවලට ගහපු ටකරන් බස් නෙමෙයි.

මගීන් සුව පහසුව ගමන් කිරීමට සුදුසු බස්රථ. ලංගම බස්රථ 7400ක් තියෙන්න ඕනෑ. තියෙන්නේ 5200යි. ඒවත් අබලන් වෙලා. බස්රථ 1000ක් එනවා කියන්නේ ලොකු වෙනසක්. දැනට අපේ රියැදුරු කොන්දොස්තරවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා. ඩිපෝ 107ක් තියෙනවා.

සුනාමිය ගැන වසර 20ක කඳුලු කතාව අද අලුත් වෙයි..1700කට වඩා මිය ගිය දුම්රියේ අඳුරු මතකය මෙන්න.(PHOTOS)

සුනාමිය ගැන වසර 20ක කඳුලු කතාව අද අලුත් වෙයි..1700කට වඩා මිය ගිය දුම්රියේ අඳුරු මතකය මෙන්න.(PHOTOS)


ඌවේ විතරයි අතිරික්තයක් තියෙන්නේ. අනිත් හැම පළාතෙම තියෙන ඩිපෝවල රියැදුරු, කොන්දොස්තර, කාර්මිකයන්ගේ අඩුවක් තියෙනවා. අපි ඒ අය බඳවා ගන්නවා. නැතිව මේක ගොඩ දාන්න බැහැ.

වංචා දූෂණ ගොඩක් තියෙනවා. අපි ඒවා නවත්වනවා. කොයිතරම් බස් දැම්මත් පාන්දරට රෑට බස් නැහැ. සෙනඟ ඉන්න වෙලාවට විතරයි බස් දුවන්නේ. අපි මේක වෙනස් කරනවා. ඒ වැඩේ නුවරින් පටන් ගන්නවා.

මුදල් දීලා ටිකට් ගන්න එකත් නතර කරනවා. ඒ වෙනුවට කාඩ් ක්‍රමයක් හඳුන්වලා දෙනවා. මුදල් අතගාන විට තමයි වංචා සිදු වෙන්නේ. ශ්‍රි ලංගම, පෞද්ගලික ඒකාබද්ධ සේවාවක් ඇති කරනවා. දුම්රියෙන් ලැබෙන දායකත්වය සියයට පහයි. පොදු ප්‍රවාහනය සියයට 75 දක්වා ඉහළ ගෙන්න ඕනෑ.

චමුදිතට අලුත් ආණ්ඩුවෙන් පළමු වෙඩිල්ල තබයි..ආරක්ෂාව සම්බන්ධයෙන් කරපු දේ බලන්න.

චමුදිතට අලුත් ආණ්ඩුවෙන් පළමු වෙඩිල්ල තබයි..ආරක්ෂාව සම්බන්ධයෙන් කරපු දේ බලන්න.


එහෙම වුණාම වාහන තදබදය අඩු වෙනවා. අපි ගමනා ගමන කොමිෂමට කියලා තියෙනවා. තොරෙම්බල් කාරයෝ වගේ පෙනෙන බස්රථ අයින් කරනවා. ඒවාට නීති ගේනවා. ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන තුළ මේවත් ක්‍රියත්මක කරනවා.”

You May Like This Video


ReeCha