වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර වටලයි - දිවයින පුරා එකම මෙහෙයුමක්

Report

පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම් මාලාවකදී පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාරවල තිබූ භාවිතයට නුසුදුසු සහ කල් ඉකුත් වූ රසායනාගාර ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ.

සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ මෙම විශේෂ මෙහෙයුමේදී වැටලීම් 52ක් සිදු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.

සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක් - ජූලි 31 තෙක් ක්‍රියාත්මක කරන්නයැයි නියෝග

සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක් - ජූලි 31 තෙක් ක්‍රියාත්මක කරන්නයැයි නියෝග

මෙම විමර්ශනවලදී දිවයිනේ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඇතුළු ආයතන රැසක් සෝදිසියට ලක් කර ඇති අතර, රෝගීන්ගේ පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා භාවිත කරන ඇතැම් ද්‍රව්‍ය කල් ඉකුත්වී තිබීම, ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු පැවතීම සහ භාවිතයට ගන්නා ද්‍රව්‍ය සමඟ කල් ඉකුත් වූ ද්‍රව්‍ය එකට ගබඩා කර තිබීම ඇතුළු බරපතළ නීති උල්ලංඝනය කිරීම් රැසක් මෙහිදී අනාවරණය වී ඇත.

මුළු ලංකාවටම බලපාන පරිදි තීරණාත්මක නිවේදනයක් - මේ දිස්ත්‍රික්කවලට ප්‍රබල අවදානමක් සමඟ සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

මුළු ලංකාවටම බලපාන පරිදි තීරණාත්මක නිවේදනයක් - මේ දිස්ත්‍රික්කවලට ප්‍රබල අවදානමක් සමඟ සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

මෙම වැටලීම්වලදී රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමට ගන්නා මෙවලම් කට්ටල, විවිධ රසායනාගාර රසායනික ද්‍රව්‍ය, ඩෙංගු රෝග විනිශ්චය සඳහා භාවිත කරන පරීක්ෂණ කට්ටල, හෘද රෝගීන් සඳහා භාවිත කරන ජෙල් වර්ග මෙන්ම වෛද්‍ය පරීක්ෂණ සඳහා යොදාගන්නා වර්ණක ද්‍රාවණ ඇතුළු උපකරණ රැසක් භාවිතයට නුසුදුසු තත්ත්වයේ පවතින බව හඳුනාගෙන තිබේ.

විමර්ශන නිලධාරීන් විසින් එම අන්තරායකර ද්‍රව්‍ය සියල්ල සිය භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක වේ.

අනාවරණය වූ මෙම නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව, වැරදිකරු වන ආයතනවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කරයි.

පාරිභෝගිකයන්ගේ ජීවිත හා සෞඛ්‍යයට සෘජුවම අවදානමක් ඇති කරන මෙවැනි වගකීම් විරහිත ක්‍රියාවන් සම්බන්ධයෙන් කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත්, දිවයින පුරා මෙවැනි විශේෂ වැටලීම් සහ පරීක්ෂණ අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.