ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය අද..
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
මෙම තරගාවලිය පැවැත්වෙන්නේ වෝන් - මුරලි කුසලානය වෙනුවෙනි. තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන වෝන් - මුරලි කුසලානය කණ්ඩායම් දෙකේ නායකයින් විසින් ඊයේ (28) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැගෙන ආවේ ඉතාමත් විචිත්‍රවත්වූ මෙරට සංස්කෘතික ඉදිරිපත් කිරීමක් මධ්‍යයේය.
මෙවර ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක පැට් කමින්ස් පෞද්ගලික හේතුවක් මත මෙම තරගාවලියට එක් නොවන අතර කණ්ඩායම මෙහෙයවන්නේ ස්ටීව් ස්මිත් විසිනි.
මේ අතර ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හෙට ඇරඹෙන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්නේ නැත.
ඒ වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ඖෂධ ප්‍රනාන්දු කටයුතු කරනු ඇති.
ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය හෙට පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතය.
ඊයේ ගාල්ල ක්‍රීඩාංගණයේදී දෙපිලේ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති කුසලාන එළි දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ධනංජය
"අපි ටෙස්ට් ශූරතා අවසන් තරගය ක්‍රීඩා කරන්න ළං වෙලා හිටියා. නමුත් අවාසනාවකට අපිට මේ ශූරතාවලිය හරියට කළමනාකරණය කරගන්න බැරි වුණා. මම හිතන්නෙ අපිට වැරදුණ එකම තැන ලංකාවෙදි පාකිස්තාන තරගාවලිය පරාජය වීම. නමුත් ශූරතාවලිය හොඳින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.අංක 3 විදියට අවසන් කිරීම ලොකු ජයග්‍රහණයක්" යනුවෙන් පැවැසූවේය.
එමෙන්ම පළමු තරගය සඳහා හොඳ තණතීරුවක් හිමි වී තිබෙන බවත්, තෙවැනි දිනයේ පමණ සිට දඟ කැවීමක් බලාපොරොත්තු වන බවත් සඳහන් කළ ධනංජය හොඳ සමබරතාවයකින් යුතු ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය සඳහා ශ්‍රී ලංකාව සිය හොඳම දක්ෂතාවන් දැක්විය යුතු බව සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට එළැඹෙන ටෙස්ට් ලෝක ශූරතාවයේදී හිමි වී ඇති අවම තරග සංඛ්‍යාව පිළිබඳව නැගුණු ප්‍රශ්න සඳහා පිළිතුරු දුන් ශ්‍රී ලංකා නායකයා
"මේ අවුරුද්දට ටෙස්ට් තරග 4ක් පමණක් ක්‍රීඩා කිරීම ලොකු පාඩුවක්. අපේ ටෙස්ට් කණ්ඩායම හොඳ කණ්ඩායමක්. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපිට තව තරගාවලි කිහිපයක් ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දෙයි කියලා හිතනවා" යනුවෙන් පැවැසීය.
ආබාධයට ලක්ව සිටින පැතුම් නිස්සංක අද තරගයට ක්‍රීඩා නොකරන බව ධනංජය තහවුරු කළ අතර ඔහුගේ ආරම්භක පිතිකරු ස්ථානය ඕෂධ ප්‍රනාන්දුට හිමිවීමට වැඩි ඉඩක් ඇත. එමෙන්ම ගාල්ල ක්‍රීඩාංගණය සහ අවට මේ දිනවල පවතින වැසිබර කාලගුණය හේතුවෙන් තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩක සංයුතිය තීරණය කිරීම ප්‍රමාද කළ බව ධනංජය සඳහන් කළේය.
ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී සිදුවුයේ කුමක්ද.. සෙත්පතා පිරිත් සජ්ඣායනයක්ද පවත්වලා..
එමෙන්ම අදහස් දැක්වූ ඔස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් සඳහන් කළේ (ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියත්) රට වෙනුවෙන් ක්‍රීඩා කරන ඕනෑම තරගාවලියක් ඉතාමත් වැදගත් බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායමද අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් සමන්විත බැවින් මෙය හොඳ තරගාවලියක් වනු ඇති බව සඳහන් කළේය.
මේ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස උස්මාන් කවාජා සමගින් ට්‍රැවිස් හෙඩ් ක්‍රීඩා කරනු ඇති බවට වාර්තා වන මුත්, එය තවමත් ස්ථිරව කිව නොහැකි බව සඳහන් කළ ස්මිත් ක්‍රීඩා කරන කණ්ඩායම පිළිබඳ අවසන් තීරණය අද උදෑසන ගනු ඇති බව වැඩිදුරටත් පවසා සිටියේය.
2007 වසරේදී ඇරැඹි වෝන්-මුරලි ශූරතාව මේ වන විට අවස්ථා 6කදී පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව 2016 වසරේදී ජයග්‍රහණය හිමිකර ගනිද්දී ඔස්ට්‍රේලියාව අවස්ථා 4ක ජයග්‍රහණය කිරීමට සමත්ව සිටියි.
අවසන් වරට 2022 වසරේ පැවැති තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය.
ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න
ඕෂධ ප්‍රනාන්දු
දිනේෂ් චන්දිමාල්
ඇන්ජලෝ මැතිව්ස්
කමිඳු මෙන්ඩිස්
ධනංජය දි සිල්වා
කුසල් මෙන්ඩිස්
ප්‍රභාත් ජයසූරිය
නිශාන් පීරිස්
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු
You may like this video