ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ධුරයෙන් ඉවත් වෙයි
By Shehan
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වත්මන් ලේකම් මාධව බණ්ඩාර සෙනරත් මහතා එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ.
සැලසුම් කළ ආකාරයෙන් කටයුතු කරගෙන යාමට සුදුසු වාතාවරණයක් සංගමය තුළ නොමැති බව සඳහන් කරමින් ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය සංගමයේ සභාපතිවරයා වෙත යොමු කර ඇති බවද වාර්තා වේ.
කෙසේවෙතත්, අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සංගමයේ විධායක කමිටුව සමඟ මෙම තීරණය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ඉඩ ඇති බවද ඔහු පවසා ඇත.