මින් පස්සෙ හමුදාවට යන්න ලේසි පහසු නෑ..මේ සුදුසුකම් තියෙන්න ඕන.

Report

ආරක්ෂක හමුදාවේ සේවය කිරීම සඳහා මින් ඉදිරියට තරුණ තරුණියන් බඳවාගනු ලබන අවස්ථාවලදී උගත්කම මෙන්ම ඔවුන්ගේ විනය සහ හැසිරීම් රටාව පිළිබඳව දැඩි ලෙස විමර්ශනය කරන බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රුද්‍රිගු මහතා ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර සිටිනවා.

මෙරට තරුණ තරුණියන් ගැන රතු එළියක්..අවුරුදු 15 සිට 24 දක්වා වයසේ පසුවන අයට අනතුරු ඇඟවීමක්..

මෙරට තරුණ තරුණියන් ගැන රතු එළියක්..අවුරුදු 15 සිට 24 දක්වා වයසේ පසුවන අයට අනතුරු ඇඟවීමක්..


හමුදාපතිවරයා පැවසුවේ, මෑත භාගයේ සිට ඇතැම් හමුදා නිලධාරීන්ගේ විනය මෙන්ම ඔවුන්ගේ ක්‍රියා කලාප පිළිබඳව පැහැදීමට නොහැකි තත්ත්වයකට පත්වී තිබෙන නිසා හමුදා සේවයට තරුණ තරුණියන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ විනය මෙන්ම හැසිරීම් රටාව පිළිබඳව විශේෂ විමර්ශනයකට භාජනය කරන බවයි.

හමුදා රැකියාවට උගත්කම මෙන්ම එම රැකියාව සඳහා විශේෂයෙන් විනය තිබිය යුතු යැයිද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ ය.

You May Like This Video