විශ්‍රාමලත් හමුදා නිලධාරින් නැවතත් යුද්ධ භූමියට යැවීමේ මිනිස් ජාවාරමක්..

Report

කුලී හේවායන් ලෙස යෙදවීමේ අරමුණින් යුක්රේනය සහ රුසියාව වෙත සංචාරක වීසා මත විශ්‍රාම ලත් හමුදා නිලධාරීන් රැගෙන යාමේ මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නාවික හමුදාව අවධාරණය කරයි.

ත්‍රිවිධ හමුදාවන් තුළ සේවය කර විශ්‍රාමලත් නිලධාරීන් මෙම ජාවාරමේ ඉලක්කය වී ඇති අතර එලෙස රැගෙන යන්නන් යුද්ධ භූමි තුළ කිසිදු හව්හරණයක් නොමැතිව මිය යන බවටද තොරතුරු වාර්තා වී ඇත.

හදිසියේම බස් රථ වර්ජනයක් ආරම්භ කරයි..මගීන් දැඩි අපහසුතාවයට ලක්වෙයි..

හදිසියේම බස් රථ වර්ජනයක් ආරම්භ කරයි..මගීන් දැඩි අපහසුතාවයට ලක්වෙයි..


මෙකී මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හෝ ඊට අනුබල දෙන සක්‍රීය සේවයේ නියුතු හමුදා නිලධාරීන් හෝ වෙනත් අයවලුන් සම්බන්ධයෙන් තොරතුරු තිබෙනතිබේ නම්,

නාවික හමුදා මූලස්ථානයේ දුරකථන අංක වන 0117192142 0117192250 යන දුරකතන අංක වෙත දැනුම් දින ලෙස නාවික හමුදාව ඉල්ලා සිටි.