හදිසියේම බස් රථ වර්ජනයක් ආරම්භ කරයි..මගීන් දැඩි අපහසුතාවයට ලක්වෙයි..
බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස් රථ අද (08) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.
මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ, බණ්ඩාරවෙල – දියතලාව මාර්ගයේ දී ලංගම බස් රථ රියදුරෙකුට සහ කොන්දොස්තරවරයෙකුට පුද්ගලික බස් රථ රියදුරෙක් විසින් සිදුකළ පහරදීමකට විරෝධය පළකරමින්.
අප වාර්තාකරුවන් සඳහන් කළේ, එම ලංගම ඩිපෝව මඟින් ධාවනය කරන බස් රථ සියල්ල මේ වනවිට බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළ පුරා ගාල්කර ඇති අතර, බස් නැවතුම්පොළට පුද්ගලික බස් රථ ඇතුළු කිරීමට ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් විසින් ඉඩ ලබානොදෙන බවයි.
මේ හේතුවෙන් බණ්ඩාරවෙල නගරයේ සිට ගමන් පහසුව සලසා ගන්නා මගී ජනතාව මහත් අපහසුතාව පත්ව ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර පහර කෑමට ලක්වූ ලංගම බස් රථ රියදුරා සහ කොන්දොස්තරවරයා මේ වනවිට බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.