විශ්‍රාමලත් හමුදා නිලධාරින් නැවතත් යුද්ධ භූමියට යැවීමේ මිනිස් ජාවාරමක්..
කුලී හේවායන් ලෙස යෙදවීමේ අරමුණින් යුක්රේනය සහ රුසියාව වෙත සංචාරක වීසා මත විශ්‍රාම ලත් හමුදා නිලධාරීන් රැගෙන යාමේ මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නාවික හමුදාව අවධාරණය කරයි.
ත්‍රිවිධ හමුදාවන් තුළ සේවය කර විශ්‍රාමලත් නිලධාරීන් මෙම ජාවාරමේ ඉලක්කය වී ඇති අතර එලෙස රැගෙන යන්නන් යුද්ධ භූමි තුළ කිසිදු හව්හරණයක් නොමැතිව මිය යන බවටද තොරතුරු වාර්තා වී ඇත.
මෙකී මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හෝ ඊට අනුබල දෙන සක්‍රීය සේවයේ නියුතු හමුදා නිලධාරීන් හෝ වෙනත් අයවලුන් සම්බන්ධයෙන් තොරතුරු තිබෙනතිබේ නම්,
නාවික හමුදා මූලස්ථානයේ දුරකථන අංක වන
0117192142
0117192250
යන දුරකතන අංක වෙත දැනුම් දින ලෙස නාවික හමුදාව ඉල්ලා සිටි.