දරුවන්ට සුභ ආරංචියක් - ඇමති මණ්ඩල අනුමැතියත් හිමි වෙයි

Report

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ මූලධර්ම මත පදනම්ව බහුපාර්ශ්වීය මුල පිරීමක් වශයෙන් ‘ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය’ සම්පාදනය කර ඇත.

ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පාර්ශ්වකාර රාජ්‍යයක් වන අතර, ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමට කැපවී සිටියි.

පෙර පාසල් සදහා අති විශේෂ නිවේදනයක් - ජූලි පළමු වැනිදාට පෙර අනිවාර්යයි

පෙර පාසල් සදහා අති විශේෂ නිවේදනයක් - ජූලි පළමු වැනිදාට පෙර අනිවාර්යයි

එම ප්‍රඥප්තිය මගින් පවුල් වෙත සහයෝගය දැක්වීමට හා අනවශ්‍ය ලෙස දරුවන් ඔවුන්ගේ පවුල්වලින් වෙන් කිරීම වැළැක්වීමට, වෙන් වීමක් සිදු වන විට ආරක්ෂිත සහ පෝෂණය කළ හැකි පවුල්පාදක විකල්ප රැකවරණය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට හා ළමුන් සඳහා ආයතනික රැකවරණය සැලසීම ක්‍රමයෙන් අඩු කිරීමට පියවර ගන්නා ලෙස රජයන්ගෙන් ඉල්ලා ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාව විසින් ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය පිළිගැනීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

WhatsApp සහ Facebook භාවිතා කරන්නන්ට දැඩි අනතුරු ඇඟවීමක් - වහාම දැනුවත් වී ප්‍රවේශම් වෙන්න

WhatsApp සහ Facebook භාවිතා කරන්නන්ට දැඩි අනතුරු ඇඟවීමක් - වහාම දැනුවත් වී ප්‍රවේශම් වෙන්න