වැලිකඩත් රැඳවියෙක් මරුට - හේතුව මෙන්න
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන් සමඟ ඇති වූ පොරබැදීමකින් අනතුරුව රෝගාතුර වී මියයාමේ පුවතක් වාර්තා වේ.
මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරු වී දඬුවම් විඳිමින් සිටි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පවසන පරිදි, බන්ධනාගාර ක්‍රීඩාංගණය පිරිසිදු කරමින් සිටියදී පලාගිය මෙම රැඳවියා බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන නැවත රැගෙන ඒමෙන් පසු මෙම මරණය සිදුව තිබේ.
මැගසින් බන්ධනාගාරයේදී ද මීට දින කිහිපයකට පෙර මෙවැනිම සිදුවීමකින් රැඳවියෙකු මියගොස් තිබූ පසුබිමක, මෙම සිදුවීම බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව සහ රැඳවියන්ගේ මානව හිමිකම් පිළිබඳ දැඩි කතාබහක් නිර්මාණය කර ඇත.