හෙට පැවැත්වෙන අවසන් තරඟයට ශ්‍රී ලංකාවේ ප්‍රබල බලාපොරොත්තුවක් අහිමි වෙයි..
Cricket
Sri Lanka Cricket
Bangladesh Cricket Team
Dilshan Madushanka
By Aruna
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව හෙට (18) ආරම්භ වීමට නියමිත අවසන් එක්දින තරගයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව, දෙවැනි එක්දින තරගයේ දී ඇති වූ ආබාධය හේතුවෙන් ඩිල්ෂාන් මධුශංක සති කිහිපයක් බොහෝ දුරට ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.
මේ හේතුවෙන් එළඹෙන අයි.පී.එල් තරගාවලියේ පළමු අර්ධයට ඩිල්ෂාන්ගේ සහභාගීත්වය පිළිබඳ සැකයක් මතුව තිබේ.
ඩිල්ෂාන් මධුශංක මේ මස ආරම්භවීමට නියමිත අයි.පී.එල් තරග වාරයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
