ඉන්දියානු මාස්ටර් පිල හමුවේ ශ්‍රී ලංකාව පසුබසී

Kumar Sangakkara Sachin Tendulkar Cricket Sri Lanka Cricket
By Gagana News Feb 23, 2025 06:30 AM GMT
Gagana News

Gagana News

Report

ඊයේ (22) ඇරඹුණු International Masters League 2025 තරගාවලියේ පළමු තරගයෙන් කුමාර් සංගක්කාර නායකත්වය දැරූ ශ්‍රී ලංකා පිල පරදා ලකුණු 4ක තියුණු ජයක් ලැබීමට සචින් තෙන්ඩුල්කාර් නායකත්වය දැරූ ඉන්දීය පිල සමත්විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 222ක් වාර්තා කළ අතර ලකුණු 223ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිලේ පිළිතුරු ඉනිම කඩුලු 9කට ලකුණු 218ක් ලෙසින් සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නන් සමත්වූයේ ලකුණු 4ක තියුණු ජයක් කරා සිය කණ්ඩායම මෙහෙයවමිනි.

කෙසේ වෙතත් ඉන්දීය පිලේ මෙම දැවැන්ත ඉලක්කය හඹායාමේ දී නැවත වරක් සිය අතීත දස්කම් විදහා පාමින් පන්දු 30කදී ලකුණු 51ක් ලබාගැනීමට ශ්‍රී ලංකා නායක කුමාර සංගක්කාර සමත් විය.

තරගයේ අවසාන භාගයේ දී ජීවන් මෙන්ඩිස් පන්දු 17කදී හයේ පහර 3ක් සමගින් ලකුණු 41 ක් සහ ඉසුරු උදාන පන්දු 7කදී හයේ පහර දෙකක් සමගින් ලකුණු 23 ක් බැගින් වේගවත් පිතිහරඹයක් දියත් කිරීමට සමත් වූ නමුත් පසුපෙළ පිතිකරුවන්ගෙන් සැලකිය යුතු දායකත්වයක් නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණයක් කරා යාමට තිබූ අවස්ථාව අහිමි විය.

ඉන්දීය පිල වෙනුවෙන් ස්ටුවර්ට් බිනී පන්දු 31කින් හයේ පහර 7ක් සමගින් ලකුණු 68ක් සහ යූසුෆ් පතාන් පන්දු 22 කදී හයේ පහර 6ක් සමගින් ලකුණු 56ක් ලබා ගැනීමට සමත්විය.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව හා සත්කාරක ඉන්දියාව සමගින් බටහිර ඉන්දීය කොදෙව්, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වෙයි. තරගාවලිය මාර්තු 16වනදා දක්වා පැවැත්වේ.

මීළග තරගය බ.ඉ. කොදෙව් හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම් අතර හෙට (24) දිනයේ දී පැවැත්වීමට නියමිතය.

අලුත්කඩේ ඝාතනය ගැන බුද්දි අංශ කලින්ම තොරතුරු දුන්නත් ගණන් අරං නෑ

අලුත්කඩේ ඝාතනය ගැන බුද්දි අංශ කලින්ම තොරතුරු දුන්නත් ගණන් අරං නෑ

අපරාධ වැඩිවී ඇති පළාත් ගැන හෙළිදරවුවක්

අපරාධ වැඩිවී ඇති පළාත් ගැන හෙළිදරවුවක්

ReeCha