ආයේ කන්න බතුත් නැති වෙයි වගේ - හාල් වලටත් වැඩේ දීලා
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගංවතුරෙන් විනාශ වී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කූඨ ලෙස සකසා වෙළඳපොලට සැපයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙන්නේ මහනුවර, හාරිස්පත්තුව ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 1,000ක් අළෙවි කිරීමට සූදානම් කළ සැකකරුවන් කිහිපදෙනෙකුට මෙලෙස නීතිය ක්‍රියාත්මක කළ බවයි.
එමෙන්ම මේ දිනවල තමන් මිලදී ගන්නා සහල් පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙවැනි නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දැනුම් දෙන ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවට දැනුම් දී තිබේ.