ඔහිය සංරක්ෂිතයේ වනාන්තරයේ විශාල ගින්නක්
ඔහිය සංරක්ෂිතයේ වනාන්තර කලාපය ආශ්‍රිතව හටගෙන ඇති විශාල ගින්නක් පාලනය කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි.
එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ පැතිර යමින් පවතින මෙම ගින්න කඩිනමින් පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ භට කණ්ඩායමක් ද මෙම මෙහෙයුම සඳහා එක්ව සිටින බවයි.