බැංකු ගිණුම් විවෘත කරන්නන්ට විශේෂ දැනුම්දීමක්

Report

 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව, වසරකට රුපියල් මිලියන 1.8 ඉක්මවන ආදායමක් නොලබන නේවාසික තැන්පත්කරුවන් සඳහා පොලී මත රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කිරීමට ස්වයං ප්‍රකාශන ක්‍රමවේදයක් හඳුන්වාදීමටත්, සියලු බැංකු ගිණුම් විවෘත කිරීමේදී බදු හඳුනා ගැනීමේ අංකය (TIN) අනිවාර්ය කිරීමටත් යෝජනාවලට අනුමැතිය හිමිව ඇත.

පාතාල කල්ලි මෙහෙයවෙන දේශපාලකයා ගැන ඇමති කෙළින්ම කියයි

පාතාල කල්ලි මෙහෙයවෙන දේශපාලකයා ගැන ඇමති කෙළින්ම කියයි

2025 අප්‍රේල් 1 සිට බලපැවැත්වෙන රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ දැමීමේ නීතිමය ප්‍රතිපාදන 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් හඳුන්වා දී ඇත.'

රුපියල් මිලියන 1.8ක බදු අයකරන ආදායම් සීමාව ඉක්මවන ආදායමක් නොලබන තැන්පත්කරුවන්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීම හේතුවෙන්, අඩු ආදායම්ලාභීන් හා තැන්පත්කරුවන් අපහසුතාවට පත්වන බව රජය නිරීක්ෂණය කර ඇත.

පාතාල කල්ලි මෙහෙයවෙන දේශපාලකයා ගැන ඇමති කෙළින්ම කියයි

පාතාල කල්ලි මෙහෙයවෙන දේශපාලකයා ගැන ඇමති කෙළින්ම කියයි

මෙම ගැටලුවට විසඳුමක් ලෙස, බදු නිදහස් සීමාවට යටත් ආදායම් ලබන පුද්ගලයන්ට ස්වයං ප්‍රකාශන ක්‍රමවේදයක් හඳුන්වාදීම යෝජනා කර ඇත.

මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

රන් මිල යළි සෙලවෙයි

රන් මිල යළි සෙලවෙයි