සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - හෙට අන්තිම දවස රාත්‍රී 10ට පෙර

Report

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන්නට කොළඹ ගංගාරාමයට එන සැදැහැවතුන් හෙට (10) දින රාත්‍රී 10ට පෙර පෝලිමට එකතු වන මෙන් ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ඉල්ලීමක් ක‍ර ඇත.

ඒ අනුව ධාතූන් වහන්සේ බදාදා (11) උදෑසන 6ට යළි ඉන්දියාව බලා වැඩම කරවීමට නියමිතව ඇති බැවින් මෙම ඉල්ලීම කරන බවද අස්සජි හිමියෝ සඳහන් කළා.

ඒ අනුව හෙට රාත්‍රී 10ට සර්වඥ ධාතු වන්දනා පෝලිමට සැදැහැවතුන් අලුතින් එකතුවීම නතර කරන බව කී අස්සජි හිමියෝ රාත්‍රී 10ට පෙර පෝලිමට එකතු වන සැමට ධාතූන් වහන්සේලා වැඳ පුදා ගන්නට අවස්ථාව ලැබෙන බවත් පැවසුවා.

එමෙන්ම වැඩි වැඩියෙන් ජනතාව ඒකරාශී වීම මෙන්ම ඒ අයට ධාතූන් වහන්සේ වන්දනා කර ගැනීමට ඉඩ සැලසීම කෙරුනත් කාට හෝ ධාතු වන්දනාවට අවස්ථාව දෙන්නට නොහැකි වුවහොත් එය හොඳ දෙයක් නොවේ යනුවෙන් ද අස්සජි හිමියෝ සඳහන් කර ඇත.

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

පසුගිය සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා,සඳුදා රාත්‍රීන්වල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් කොළඹට ඒකරාශී වී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගත් බව කී අස්සජි හිමියෝ හැකි උපරිමයෙන් ඒ සැදැහැවතුන් සඳහා පහසුකම් සැපයු බව ද ප්‍රකාශ කළා.

ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යංශය සහ අනෙකුත් ආයතන බොහොමයක් ඒ පහසුකම් සැපයීමේ කාර්යයන්හි නියැලුන බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සැදැහැවතුන් සඳහා ආහාර පානාදිය සපයා දෙමින් ඒ අයගේ ආහාර සුව පහසුව ගැන සොයා බැලු බවත් අස්සජි හිමියෝ මෙහිදී සඳහන් කර ඇත.

ඊට අමතරව මේ තරම් විශාල ජනකායක් කොළඹට ඒකරාශී කර ධාතූන් වහන්සේලා වන්දනා කිරීමේ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මඟින් විශාල මෙහෙවරක් කළේ යැයි ද ඒ අයත් මේ පින්කමේ කොටස්කරුවන් බව කිව යුතු යැයි ද අස්සජි හිමියෝ සඳහන් කළා.

මෙම ධාතූන් වහන්සේ ඉකුත් 4 වැනිදා මෙරටට වැඩම කෙරුණා. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන්.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට්හි අරවල්ලි දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික දෙව්නි මෝරි පුරාවිද්‍යාත්මක ස්ථානයේ 60 දශකයේදී බෞද්ධ ආරාම සංකීර්ණයක ස්තූපයක් ආශ්‍රිතව සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීමකින් එම ධාතුන් වහන්සේ සොයා ගෙන ඇති බව සඳහන්. එම ස්ථානයෙන් ධාතු කරඬු දෙකක් හමු වූ අතර, ඉන් එක් ධාතු කරඩුවක තිබි මෙම සර්වඥ ධාතුන් වහන්සේ හමු ව ඇත.

ආයේ ආසාවටවත් ගෙයක් හදන්න වෙන් නෑ - ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල 45% කින් ඉහළ මට්ටමක - රවී

ආයේ ආසාවටවත් ගෙයක් හදන්න වෙන් නෑ - ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල 45% කින් ඉහළ මට්ටමක - රවී

එසේම එහි තිබී හමු වූ මංජුසාවේ සටහන් ‘දස බලධාරී බුදුන් වහන්සේගේ ධාතු නිධන් කළ ස්ථානය’ යන වැකිය මෙම ධාතුන් වහන්සේගේ පූජනීයත්වය තහවුරු කරන ප්‍රබලතම සාක්ෂිය වන බව ද පවසයි.

ඒ අනුව ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබූ මෙම සර්වඥධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කළ පළමු අවස්ථාව මෙය වන බැවින් ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කළදා සිට දිවයිනේ නන් දෙසින් අති විශාල ජනකායක් ගංගාරාමයට පැමිණෙමින් සිටියි.

දෙමව්පියන්ට සුභ ආරංචියක් - ගුරු සංගමයෙන් දැඩි තීරණයක්

දෙමව්පියන්ට සුභ ආරංචියක් - ගුරු සංගමයෙන් දැඩි තීරණයක්

මුහුද ‍රළු වෙන ලකුණු - ඉදිරි පැය 24 ගැන විශේෂ නිවේදනයක්

මුහුද ‍රළු වෙන ලකුණු - ඉදිරි පැය 24 ගැන විශේෂ නිවේදනයක්