ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැන් ලැබුණු විශේෂ දැනුම්දීම

Ceylon Petroleum Corporation Sri Lanka
By Wayomi Mar 16, 2025 02:54 PM GMT
Wayomi

Wayomi

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ කොළඹ වරායේ දකුණු ජැටියේ සිට කොළොන්නාව ගබඩාවට ඉන්ධන පොම්ප කරන භූගත නළයේ හටගත් කාන්දුව සම්පූර්ණයෙන් පිළිසකර කිරීමට තවත් දින දෙකක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇති බවයි.

කොළඹ වරායේ දකුණු ජැටියේ සිට කොළොන්නාව ගබඩාවට ඉන්ධන පොම්ප කරන භූගත නළ දෙක අතරින් එක් නළයක කාන්දුව හටගෙන තිබුණේ ඊයේ රාත්‍රියේයි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 14,000 ක් පමණ එම අවස්ථාවේ අදාළ තලය හරහා පොම්ප කරමින් තිබූ බව වාර්තා වෙනවා.

මෙම ඉන්ධන පොම්ප කිරීම පස්වරු 4ට පමණ ආරම්භ කර ඇති අතර, අදාළ නළයෙන් ඉන්ධන කාන්දු වන බව නිරීක්ෂණය වී ඇත්තේ ඊයේ රාත්‍රී 7ට පමණ බව වෘත්තිය සමිති ප්‍රකාශ කරනු ලැබුවා.

රාත්‍රී 7.35ට පමණ අදාළ ඉන්ධන කාන්දුව වැළැක්වීමට පියවර ගෙන ඇති අතර, කාන්දු වන ඉන්ධන, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් එක්ව එකතු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා පැවසුවේ, අදාළ නළයේ පිළිසකර කිරීම ආරම්භ කර ඇති අතර එය අවසන් කිරීමේ දිනයක් නිශ්චිතව කිව නොහැකි බවයි.

ඛනිජ තෙල් වෘත්තීය සමිති සංධානයේ මාධ්‍ය ප්‍රකාශක ආන්නද පාලිත ප්‍රකාශ කළේ, කෙසේ වෙතත් මෙම කාන්දුවත් සමග අපතේ ගිය ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ප්‍රමාණය හේතුවෙන් සංස්ථාවට රුපියල් මිලියන 100ක පමණ අලාභයක් සිදුව ඇති බවයි.

හෝලි උත්සවයෙන් මතුවූ ඇමති වසන්ත

හෝලි උත්සවයෙන් මතුවූ ඇමති වසන්ත

පාවාදීමේ පලිය කෙළවර වුණු තැන

පාවාදීමේ පලිය කෙළවර වුණු තැන

ReeCha