ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්..බදු සම්බන්ධයෙනුත් වෙනසක්..වාහන ආනයනයත් නතර වෙයිද...

Report

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා එකතු කළ අගය මත බදු (වැට්) එකතු කිරීමේ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කරුණු පෙන්වා දී තිබේ.

එමෙන්ම ,ජනපතිවරයා ප්‍රකාශ කළේ, බදු අනුකූලතාවය සහ ආදායම් ඉපැයීම වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන විස්තීර්ණ ඩිජිටල් පද්ධතියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන බව‍යි.

සිසුන් සතුටු කරමින් රජයෙන් විශේෂ දීමනාවක්...ලැබෙන්නේ මේ පිරිසටයි..

සිසුන් සතුටු කරමින් රජයෙන් විශේෂ දීමනාවක්...ලැබෙන්නේ මේ පිරිසටයි..

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, මෙහිදී, මෝටර් රථ ආනයනය, රඳවා ගැනීමේ බදු සහ වැට් බදු එකතු කිරීම, ඩිජිටල්කරණය පිළිබඳ ගැටලු සම්බන්ධව අවධානය යොමු වූ බවයි.

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇති අතර, රට තුළ පවත්නා මූල්‍ය අර්බුදය සහ ආර්ථික ප්‍රමුඛතාවන් සැළකිල්ලට ගනිමින් මෙම ගැටලු විසඳා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනපති මාධ්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්..

Gallery