විජයදාසට සහ කීර්ති ට විශේෂ වාරණ නියෝගයක්.

SLFP Dr Wijeyadasa Rajapakshe Duminda Dissanayake Court of Appeal of Sri Lanka
By Wayomi May 20, 2024 10:31 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත කටයුතු කිරීමට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. 

ඩොලරයට අනුව අද ශ්‍රී ලංකාවේ රුපියල් වල සිදු වූ වෙනස. - නව මිල පරාසයන් මෙන්න.

ඩොලරයට අනුව අද ශ්‍රී ලංකාවේ රුපියල් වල සිදු වූ වෙනස. - නව මිල පරාසයන් මෙන්න.


මින් පෙර පැමිණිල්ල සලකා බැලූ අවස්ථාවේ සිදු වූ දේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂත්, වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්තත් පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය මත එම පක්ෂය; එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය පසුගිය (15) ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙනවා බවයි, කොළඹ දිසා විනිසුරු සඳුන් විනාක සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහා ලේකම් දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සළකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

May you Like


තීරණය ප්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරුවරයා සඳහන් කළේ සඹඹ නඩුවේ හතරවන සහ පස්වන විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින නිමල් සිරිපාල ද සිල්වා සහ මරින්ද අමරවීර යන අය පදනම් කරගෙන මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන එම විත්තිකරුගේ පදිංචිය වශයෝ කොළඹ පී.බී. ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය නම් කර තිබෙන බවත් ඒ තුළින් ඔවුන්ගේ පදිංචිය තහවුරු කිරීමට පැමිණිල්ල අපහොසත් වී තිබෙන බවත් නිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එදින කියා සිටියා.

මේ ආකාරයෙන් පදිංචිය නඟවුරු කර නොමැති අවස්ථාවක සිවිල් නඩු නිධාන සංග්‍රහයේ 16(2) වගන්තිය යටතේ පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කිරීමට හෝ එය සංශෝධනය කර ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දිය හැකි බවත් විනිසුරුවරයා සඳහන් කළ අතර ඒ අනුව මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි වාරණ නියෝග සඳහා කරුණු තහවුරු කිරීමට පැමිණිල්ලට අයිතිය ලබා දෙමින් පැමිණිල්ල විසින් ඉල්ලා සිටි වාරණ නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා කියා සිටියා.

පැමිණිලිකරු කළ ප්‍රකාශය

පැමිණිලිකරු කියා සිටින්නේ ඉකුත් 12 වන දා පැවැත් වූ බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී තම පක්ෂ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත පත් කර ගැනීමට ගනු ලැබූ තීරණ සම්පූර්ණයෙන්ම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවයි.

ඒ, හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෝ සභාපති ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත යන අය පත්කර ගැනීමට ගනු ලැබූ තීරණ මත එම පක්ෂය හා එහි සංවිධාන මෙන්ම නිලධාරීන් කටයුතු කිරීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසන් මෙම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

අද සිට අධිවේගයේ යන රියදුරන් මේ ගැනත් දැනුවත් වන්න.- ඔවුන්ට කෙරෙන විශේෂ දැනුම්දීම මෙන්න.

අද සිට අධිවේගයේ යන රියදුරන් මේ ගැනත් දැනුවත් වන්න.- ඔවුන්ට කෙරෙන විශේෂ දැනුම්දීම මෙන්න.


එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ වැඩ බලන ලේකම් දුමින්ද දිසානායකගේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

මේ අතර විජයදාස රාජපක්ෂ හා කීර්ති උඩවත්ත පක්ෂයේ නිලතල සඳහා පත්කර ගැනීමට ගනු ලැබූ තීරණ බල ශුන්‍ය බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් සඳහන්.

.................................

May you Like

 

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%