දුම්රිය ස්ථාන දෙකක් අතර විශේෂ බස් රථ සේවාවක්
By Hashini
දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ මහනුවර සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ යොදවා ඇති බවයි.
පේරාදෙණිය හා මහනුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ මහනුවර අධිකරණ සංකීර්ණය ආසන්නයේ දුම්රිය මාර්ගය ගිලා බැසීමකට ලක්වීම හේතුවෙන්ය.
මෙම ගිලා බැසීමට ලක්වු ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායමක් ද ගොස් තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.