හිටපු ජනාධිපති රනිල් CIDයට එයි (VIDEO)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිනු ලබනවා.
මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියකට අදාළව කෙහෙලිය රඹුක්වැල්ල මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පැමිණිල්ලට අදාළව කෙරෙන පරීක්ෂණ සඳහා පසුගිය රජයේ මැති ඇමතිවරුන්ද මේ වන විට ප්‍රකාශ ලබා දී ඇත. රනිල් වික්‍රමසිංහගෙන් මෙම ප්‍රකාශය ලබාගැනීමට නියමිතව ඇත්තේ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළවයි.