අද සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථවලට විශේෂ පරීක්ෂාවක් ක්‍රියාත්මකයි

Report

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ අද (10) දින පටන් පූර්ව කාර්මික පරීක්ෂාවට ලක්කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) අරුණ බතීගම මහතා විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය එක්ව මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන බව පවසයි.

එසේම නියමු ව්‍යාපෘතියක් වශයෙන් අද සිට මෙම පරීක්ෂාවන් සිදුකරන බව ද සඳහන්. මෑත කාලයේ සිදු වූ ගැරඬිඇල්ල හා ඇල්ල බස් අනතුරුවලින් පසුව මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් නිර්දේශ හා නියෝග මාලාවක් යෝජනා විය.

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

ඒ අතර ප්‍රධානම යෝජනාවක් වූයේ දුර ගමන් සේවා බස් රථ ධාවනයට පෙර එහි යාන්ත්‍රික තත්ත්වයන් පිළිබඳ පරීක්ෂාකර සහතිකයක් ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි.

ඒ අනුව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ගමනාන්ත 09ක් වෙනුවෙන් දෛනිකව බස් ගමන්වාර 135ක් ක්‍රියාත්මක වන බවත් මෙම බස් රථ ධාවනයට පෙර පරීක්ෂා කිරීමට සැලසුම් කර සිටින බවත් එම මධ්‍යස්ථානයේ උසස් නිලධාරියෙක් කියා සිටියා.

කෙසේ වෙතත් මෙම වැඩසටහන ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නාලක දිසානායක ඇතුළු නිලධාරීන්ගෙන් ප්‍රධානත්වයෙන් අද (10) දින උදෑසන ආරම්භ කිරීමට නියමිතයි.

කාන්තාවක් රිය අනතුරක් කළා කියන්න එපා ඒකත් කාන්තා හිංසනයක් - බිමල්

කාන්තාවක් රිය අනතුරක් කළා කියන්න එපා ඒකත් කාන්තා හිංසනයක් - බිමල්

වාහන ලියාපදිංචිය ගැන අලුත් කතාවක්

වාහන ලියාපදිංචිය ගැන අලුත් කතාවක්

රන් මිල ඉහළ යාමෙන් ලක්ෂ ගණන් අවදානමක - අනතුරු ඇඟවීමක්

රන් මිල ඉහළ යාමෙන් ලක්ෂ ගණන් අවදානමක - අනතුරු ඇඟවීමක්