වෙසක් දන්සැල් ලියාපදිංචිය 2,300 පනියි - PHI සංගමයෙන් හදිසි නිවේදනයක්

Report

වෙසක් උත්සවය නිමිත්තෙන් මේ වනවිට දිවයින පුරා දන්සල් 2,388ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ මැයි 29 වනදා දක්වා දන්සල් ලියාපදිංචි කිරීම සිදුකරන බවය.

වෙසක් උත්සවය නිමිත්තෙන් දන්සල් ලියාපදිංචි කිරීම මෙම මස මුල සිට ආරම්භ කර ඇති අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම කටයුතු ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.

වෙසක් පොහොයට දන්සල් දීම තහනම් - ගාල්ල නාගොඩින් ආන්දෝලනාත්මක තීරණයක්

වෙසක් පොහොයට දන්සල් දීම තහනම් - ගාල්ල නාගොඩින් ආන්දෝලනාත්මක තීරණයක්

ඊයේ දිනය අවසන් වන විට දිවයින පුරා දන්සල් 2,388ක් පමණ ලියාපදිංචි වී ඇති බවද චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. වෙසක් පොහෝ දිනයට පෙර දිනය දක්වා ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන අතර, දන්සලක් පැවැත්වීමට අදහස් කරන සියලුදෙනා හැකි ඉක්මනින් ලියාපදිංචි වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා දන්සල් සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව පවත්වාගෙන යාම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

බැරලය ඩොලර් 69 සිට 114 දක්වා පනියි - පෙට්‍රල් සහ ඩීසල් මිල අද සිට නැවතත් වෙනස් වෙයි

බැරලය ඩොලර් 69 සිට 114 දක්වා පනියි - පෙට්‍රල් සහ ඩීසල් මිල අද සිට නැවතත් වෙනස් වෙයි