මෙන්න විශේෂ නිවේදනයක්, මේ ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක්
By Kaushi
කළුතර ප්‍රදේශ රැසකට හෙට (05) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බවට ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ කාලය තුළ මෙසේ ජල සැපයුම අත්හිටුවීමට නියමිත ඇති බවයි.
මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන්නේ කළුතර ජල සම්පාදන ක්‍රමයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා තිබෙනවා.
එම නිසා කළුතර දකුණ, කළුතර උතුර, නාගොඩ, වස්කඩුව, පොතුපිටිය, වාද්දූව යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත.
මේ අතර ජල සැපයුම අත්හිටුවීමෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන බවත් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසත් ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටින බව ද වාර්තා වේ.
