උත්සව සමය වෙනුවෙන් අමතර දුම්රිය සේවාවක්
නත්තල් උත්සවය, පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් මගීන්ගේ ගමනාගමන අවශ්‍යතා ඉහළ යාම සැලකිල්ලට ගනිමින් අමතර දුම්රිය සේවාවන් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
ඒ අනුව දිවයිනේ ප්‍රධාන මාර්ග කිහිපයක් ආවරණය කරමින් විශේෂ දුම්රිය ධාවනයට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අද (24) පස්වරු 03.00ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට එක් කිරීමට කටයුතු කර ඇති අතර, එම දුම්රිය මෙම මස 29 වන දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.00ට කොළඹ කොටුව බලා පිටත්වී පෙරවරු 08.30ට කොළඹ කොටුවට ළඟා වීමට සැලසුම් කර ඇත.
චනිත්මාට සම්මානේ දුන්නේ නැත්තේ පෙරහුරුවට ආවේ නැති නිසා නෙවෙයි - අමාත්‍යාංශයට සිරිමාවෝ විදුහල්පතිනිය හෙළි කරයි
මෙම සේවාව දක්ෂිණ පළාත වෙත සහ එම ප්‍රදේශවලින් කොළඹට ගමන් කරන මගීන්ට විශේෂ පහසුවක් සලසන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
තවද, කොළඹ කොටුව – කන්කසන්තුරය නගරාන්තර දුම්රියද එළැඹෙන 25 සහ 28 යන දිනවල ධාවනය කිරීමට සැලසුම් කර ඇති අතර, එය පළමු පංතියේ වායු සමනය කළ මැදිරි 09කින් සමන්විත බව සඳහන් වේ.
උත්සව සමයේ මගීන්ට ආරක්ෂිත සහ පහසු ගමනාගමන පහසුකම් සැපයීම මෙම අමතර දුම්රිය සේවාවන්ගේ ප්‍රධාන අරමුණ බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත.