දරුණු ලැව්ගින්නක් 11 දෙනෙකු මිය යද්දී 19ක් අතුරුදන් - ලෝකයම කම්පා කළ බිහිසුණු අනතුර
By Mithu
දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා කලාපයේ හටගත් දරුණු ලැව්ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් 19 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කඩා වැටුණු විදුලි රැහැනක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට සැක කෙරෙන අතර, එම ප්‍රදේශයේ පවතින සෙල්සියස් අංශක 40 ක දැඩි උණුසුම් කාලගුණය සහ වියළි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් අවට ප්‍රදේශ කරා පැතිර ගොස් තිබේ.
අතුරුදන් වූවන් සෙවීමේ සහ ගින්න පාලනය කිරීමේ දැවැන්ත මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි.