සියළුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ රක්‍ෂණාවරණයක්...

Report

වයස අවුරුදු 70 සහ ඊට වැඩි සැමට සෞඛ්‍ය ආවරණයක් ලබා දීමට ආයුෂ්මාන් භාරත් ජාතික රක්‍ෂණ යෝජනා ක්‍රමය යටතේ ඉන්දියාවේ මධ්‍ය රජය විසින් අනුමත කර තිබෙන බවට වාර්තා වනවා.

මේ අනුව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෝටි හයක් සහිත පවුල් කෝටි 4.5කට මෙසේ ප්‍රතිලාභ ලබා දෙන බවයි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් මධ්‍යම කැබිනට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ.

ස්පා එකේ සිටි තරුණියන් 05කින් ලස්සනම තරුණියන් දෙන්න පැහැරගෙන ගොස් සමූහ දූෂණය කළ පිරිමි 06න් 05කට වෙච්ච දේ මෙන්න..

ස්පා එකේ සිටි තරුණියන් 05කින් ලස්සනම තරුණියන් දෙන්න පැහැරගෙන ගොස් සමූහ දූෂණය කළ පිරිමි 06න් 05කට වෙච්ච දේ මෙන්න..


මෙම අනුමැතිය අනුව, වයස අවුරුදු 70 සහ ඊට වැඩි සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඔවුන්ගේ සමාජ-ආර්ථික තත්ත්වය නොසලකා අදාළ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇත.

එමෙන්ම සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නව කාඩ්පතක් ද නිකුත් කරනු ලබන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.

අද සවස එළියට යනවනම් මේ ගැන අවධානයෙන් යන්න..කල් තියා දැනුම්දීමක්.

අද සවස එළියට යනවනම් මේ ගැන අවධානයෙන් යන්න..කල් තියා දැනුම්දීමක්.


දැනටමත් මේ යටතේ ආවරණය වී ඇති පවුල්වලට අයත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තමන් වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 5ක් දක්වා අමතර ආවරණයක් ලැබෙන බවටත් සඳහන් .

මෙය ලොව විශාලතම මහජන අරමුදල් සපයන සෞඛ්‍ය සහතික යෝජනා ක්‍රමය වන අතර, එය පවුල් කෝටි 12.34ට අනුරූප වන පරිදි මිලියන 55ක ජනතාවකට ද්විතීයික සහ තෘතියික සත්කාර රෝහල්ගත කිරීම සඳහා වසරකට එක් පවුලකට රුපියල් ලක්ෂ 5ක සෞඛ්‍ය ආවරණයක් සපයනු ලබයි.