නිරිතදිග මෝසම සක්‍රීයයි – තද සුළං අවදානමක් ඇති දිස්ත්‍රික්ක මෙන්න
දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මෙන්ම උතුරු, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් යුතු තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ අංශ සඳහන් කරයි.
මේ අතර, 2026 ජූලි 20 වැනිදා දිවයිනේ වාර්තා වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.5ක් ලෙස නුවරඑළිය කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබේ.
කාලගුණ තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, තද සුළං ඇතිවන අවස්ථාවලදී ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දී ඇත.
