දකුණේ ප්‍රසිද්ධ නගරයක ඉන්ධන පිරවුම්හලක් අසල පිපිරීමක්..
By Aruna
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය තුල සිටි 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.
ඊයේ (16) සවස 6.45 ට පමණ මෙම පුපුරායාම සිදුවී තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අගුණකොලපැලැස්ස ,රන්න පාර, අංක 128/02 ලිපිනයේ පදිංචිව සිටි බෝවල ගම් ආචාරිගේ සදීප සිත්මිණ නමැති තරුණයෙකුයි.
පොලිසිය පවසන්නේ, පුපුරා ගිය බැරලය ගරාජයේ වාහනවල තීන්ත ආලේපනය කිරීමට අවශ්‍ය තිනර් රැගෙන එනලද හිස් යකඩ බැරලයක් බවත් එහි එකතුවූ ගෑස් තත්වයක් මත බැරලය හදිසියේ පුපුරා යන්නට ඇතිබවයි.
පුපුරා ගිය බැරලයේ පියන කොටස ගැලවී ගොස් ගෙල ප්‍රදේශයේ වැදී බරපතළ තුවාල ලැබූ තරුණයා අගුණකොලපැලැස්ස රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ .