දක්ෂිණ අධිවේගයේ අද උදේ සිදු වූ බිහිසුණු අනතුර..මහා විනාශයක් 99න් බේරෙයි..
අද (13) අලුයම දක්ෂිණ අධිවේගයේ 61 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වනවා.
මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ඉන්ධන බවුසරයක් මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.
කෙසේනමුත්, අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.
මෙම අනතුර හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන එක් මංතීරුවක් අවහිර වී ඇති අතර, කොළඹ දෙසට ගමන් කරන වාහන අනෙක් මංතීරුවෙන් ගමන් කළ හැකි බවයි පොලීසිය පවසන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගයේ කුරුඳුගහහැතැක්ම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.