ආයේ කන්න සුනඛ මස් අලෙවි කරන්න බෑ, දකුණු කොරියාවට තහනමක්

Report

මිනිස් පාරිභෝජනය වෙනුවෙන් සුනඛ මස් විකිණීම දකුණු කොරියාවේ සම්පූර්ණයෙන්ම රටපුරා තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව වාර්තා වන්නේ ඉකුත් 2024 වර්ෂයේදී මීට අදාළ නීති කෙටුම්පත් කර ඇති බවයි.

මහින්දානන්ද කූරු ගනිද්දි නාවලපිටියේ බලය ගෝලයෝන්ගේ අතට

මහින්දානන්ද කූරු ගනිද්දි නාවලපිටියේ බලය ගෝලයෝන්ගේ අතට

එසේම එම නීති කෙටුම්පත ඉකුත් ජනවාරි මාසයේදී සම්මත වී ඇති බව සඳහන්.

මේ අතර මස් සඳහා සුනඛයින් ඇති කිරීමේ කර්මාන්තයේ නිරතව සිටි පිරිසට ඉන් ඉවත්වීමට ලබන 2027 වසරේ පෙබරවාරි මාසය දක්වා කල් ලබාදී ඇති බව ද වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට එම කර්මාන්තවල නිරත පිරිස් විසින් කර්මාන්තයෙන් ඉවත් වීමට ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරන බවද පවසයි.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

එසේම මිලියන භාගයක් පමණ වන සුනඛයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවටත් ඔවුන් චෝදනා කර ඇති බව සඳහන්.

කෙසේ වුවත් ලංකාවේ සුරතලුන් ලෙස ආදරය දිනා ඇති සුනඛයන්ට දකුණු කොරියාවේ අත්වන ඉරණම ඉතාම අවාසනාවන්තයි.

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට