මාලිමාව ඉදිරිපත් කෙරූ අයවැය ඡන්ද තුනකින් පරදියි

Report

ජාතික ජන බල වේගයට (ජා.ජ.බ.) අයත් සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත් වී ඇත. අයවැයට විරුද්ධව විපක්ෂයේ සභිකයින් 8 දෙනා ඡන්දය භාවිතා කළ අතර, විපක්ෂයේ සභිකයින් 3 දෙනෙකු අද දිනයේ සභාවට නොපැමිණි බව සඳහන්ය.

එම හේතුවෙන් අනතුරුව, ජා.ජ.බ. සභිකයින් 4 දෙනා සහ සභාපතිවරයා අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළද, අවසාන වශයෙන් අයවැය ඡන්ද 3කින් පරාජයට පත්ව ඇත.

සොරණාතොට ප්‍රාදේශීය සභාව තුළ විපක්ෂයට සභික ධූර 10ක් ද, ජාතික ජන බල වේගයට සභිකයින් 5 දෙනෙකු ද ඇත.

එහෙත් සභාපති තේරීමේදී විපක්ෂයේ සභිකයින් දෙදෙනෙක් ජා.ජ.බ. අපේක්ෂකයාට පක්ෂව ඡන්දය භාවිතා කළ හේතුවෙන්, සභාපති ධූරය ජාතික ජන බල වේගයට හිමිවිය.

මාලිමාව අයවැය පරදී

මාලිමාව අයවැය පරදී

2026 අයවැය මෙන්න

2026 අයවැය මෙන්න