කලා කෙත අස්වැද්දූ තවත් අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙකු ජීවිතක්ෂයට
ලොව පුරා අතිශය ජනප්‍රිය වූ 'The Sopranos' අමෙරිකානු රූපවාහිනී නාට්‍ය මාලාවේ 'සැල්වටෝර් බොන්පෙන්සියරෝ' ලෙස විශිෂ්ට රංගනයක නිරත වූ ප්‍රවීණ අමෙරිකානු රංගන ශිල්පී වින්සන්ට් පැස්ටෝර් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 80 වැනි වියෙහි පසුවූ අතර, නිව්යෝර්ක් හි පිහිටි ඔහුගේ නිවසේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
1990 දශකයේ හොලිවුඩ් සිනමාවට සහ ටෙලි නාට්‍ය ක්ෂේත්රයට පිවිසි පැස්ටෝර්, 'Goodfellas', 'Carlito's Way' සහ 'Gotti' වැනි සුප්‍රකට සිනමා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබුණි.
එහෙත් ඔහු වඩාත්ම ජනප්‍රියත්වයට පත් වූයේ 'The Sopranos' නාට්‍ය මාලාවේ ඔහු නිරූපණය කළ අමරණීය චරිතය හරහා වන අතර, ඔහුගේ අභාවය වෙනුවෙන් හොලිවුඩ් ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහ රසිකයින් රැසක් සිය ශෝකය පළ කරති.