පීතෘ ඝාතක අජාසත් කුලයේ නරුම පුතෙක්

Report

මැදවච්චිය, කඩවත්ගම ප්‍රදේශයේ නිවසක ඊයේ (16) සිදුවූ පහරදීමකින් දෙදරු පියෙකු මරණයට පත්ව ඇත.

තවද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනුයේ වැඩිමහල් පුත්‍රයා සිදුකළ පහරදීමකින් මෙම මරණය සිදුව ඇති බවයි.

ඒ වගේම තම පියා හිසෙහි තුවාල සහිතව නිවසේ මිදුලේ වැටී මියගොස් සිටින බව අසල නිවසක පදිංචි බාල පුතා විසින් දැක ඇති බව වාර්තා වේ.

මෙලෙස මරණයට පත් වූ පියා තම වැඩිමහල් පුත්‍රයා සමග මත්පැන් පානය කර ඇති බවත් සදහන්ය.

ඉන්පසුව ඇතිවූ ආරවුලක් මත පුතා විසින් රීප්ප පටියකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ .

විදේශීය දුම්වැටි සහ බීඩි තොගයක් සමග පුද්ගලයෙකු ගුවන්තොටේදී කොටු

විදේශීය දුම්වැටි සහ බීඩි තොගයක් සමග පුද්ගලයෙකු ගුවන්තොටේදී කොටු

මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 67ක් වූ කඩවත්ගම, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

ඒ වගේම වයස අවුරුදු 42ක් වන ඝාතන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ තවද ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බව වාර්තා වේ.

  මෙම සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන මැදවච්චිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

සෑම බසයකම සවි කරන්න යන දේ මෙන්න

සෑම බසයකම සවි කරන්න යන දේ මෙන්න