ඇතැම් ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය සෞඛ්‍යයට අහිතකර මට්ටමක

Report

මෙරට විවිධ ප්‍රදේශවල වායු තත්ත්වයන් දර්ශකය ‘IQAir’ වෙබ් අඩවියට අනුව ඊයේ (15 වැනිදා) ‘සෞඛ්‍යයට අහිතකර’ මට්ටමේ පැවත තිබේ.

ඒ අනුව නිරන්තරයෙන් වායු තත්ත්ව දර්ශකය යාවත්කාලීන කරන ‘IQAir’ වෙබ් අඩවියට අනුව යහපත් මට්ටමේ වායු තත්ත්ව දර්ශක කොළ පැහැයෙන්ද, මධ්‍යස්ථ මට්ටමේ වායු තත්ත්ව දර්ශක කහ පැහැයෙන්ද, සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර මට්ටමේ වායු තත්ත්ව දර්ශකය තැඹිලි පැහැයෙන් ද සදහන් කර තිබේ.

තවද සෞඛ්‍යයට අහිතකර මට්ටම පෙන්වනු ලබන්නේ රතු පැහැයෙන් වේ.

ඒ වගේම ඉතා සෞඛ්‍ය සම්පන්න නොවේ යන මට්ටම දම් පැහැයෙන්ද පෙන්නුම් කරයි මෙරට අහිතකරම වායු තත්ත්ව දර්ශකය යාපනයෙන් එම වෙබ් අඩවියට අනුව ඊයේ (15 වැනිදා) පෙරවරුව වන විට පෙන්නුම් කර තිබේ.

රුපියල බිමට - අද ඩොලරයේ මිල ගණන් මෙන්න

රුපියල බිමට - අද ඩොලරයේ මිල ගණන් මෙන්න

ඒ වගේම අතර එහි අගය දැක්වුනේ 153ක් ලෙසයි. එය රතු පැහැයෙන් පෙන්නුම් කර තිබුණි .

තවද මෙරට බොහෝ ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය ඊයේ දිනයේ තැඹිලි පැහැයෙන් පෙන්නුම් කර ඇත .

ඒ අනුව කොළඹ ආශ්‍රිතව වායු තත්ත්ව දර්ශකයෙහි අගය බත්තරමුල්ල 112ක් මෙන්ම මාලිගාවත්ත 105ක්, මිරිහාන 114ක් ලෙස සඳහන් කර තිබිණි.

ඒ වගේම අනුරාධපුර 104ක්, කිලිනොච්චිය 117ක්, මුල්ලියාවේලි 110ක්, ත්‍රිකුණාමලය 142ක් හා හලාවත 105ක් ලෙසින් සදහන්ව තිබුණි.  

අද 4 වෙනකල් ප්‍රා.ලේ කොට්ඨාස 68 කට අනතුරු ඇඟවීමේ නිවේදන

අද 4 වෙනකල් ප්‍රා.ලේ කොට්ඨාස 68 කට අනතුරු ඇඟවීමේ නිවේදන