අද 4න් පස්සේ මේ පාර වහලා - විශේෂ නිවේදනයක්
පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ වනවිට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීම නිසා සෝමාවතිය - සුංගාවිල ප්‍රධාන මාර්ගය අද දින (26) ප.ව. 4 සිට වසාතැබීමට පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර ඇත.
ඒ අනුව සෝමාවතිය - සුංගාවිල මාර්ගයේ දිග්ගල ප්‍රදේශයේ කිලෝමීටර් 35-37 කනු අතර ප්‍රදේශය මේ වනවිට අඩි 02ක් පමණ ජලයෙන් යටව ඇත.
අද උදෑසන එම මාර්ගයේ පැවති සුළු ජල මට්ටම නිසා සැහැල්ලු වාහන වෙනුවෙන් රථ වාහන ධාවන කටයුතු අත්හිටුවීමට පුලස්තිපුර පොලීසිය කටයුතු කර තිබුණා.
එසේ වුවත් සවස වනවිට ජල මට්ටම වැඩිවීම නිසා මෙසේ එම මාර්ගයේ සියලු රථ වාහන ධාවන කටයුතු අත්හිටුවීමට පොලීසිය පියවරගෙන තිබෙනවා.
ඒ අනුව මෙම ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගෙන ඓතිහාසික සෝමාවතිය පුදබිම වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් මෙම දින කිහිපය පසුකර ඒ සඳහා පැමිණෙන ලෙසත් මහවැලි ගංගාව දෙපස සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙසත් දැනුම් දෙයි.