උතුරේ පානීය ජල ගැටලුවට විසඳුම්
By Parami Dissanayake
අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති සාකච්ඡාවකට එක් වෙමින් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය පැවසූවේ, උතුරේ ජනතාවට පානීය ජලය ඉතාම විශේෂිත විෂයක් බවත්, එම පානීය ජල ගැටලුවලට විසඳුම් ලෙස ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට පානීය ජල ව්‍යාපෘති 05ක් රජයෙන් ආරම්භ කර ඇති බව පැවසුවා ය.
විශේෂයෙන් යාපනය, මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවද ඇය පැවසුවා ය.
එමෙන් ම, ඉන් ව්‍යෘපෘති 02ක් ලබන වර්ෂය තුළ අවසන් වීමට නියමිත බවද ආණ්ඩුකාරවරිය කියා සිටියා ය.
එම ව්‍යාපෘති තුළින් උතුරේ ජනතාවට පානීය ජලය ඉතාමත් විධිමත් ලෙස ලබාදීමට බලාපොරොත්තු වන බව ද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවා ය.