සූර්ය බල ශක්තිය නවත්වයි?.. විශේෂ දැනුම්දීමක් මෙන්න..
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ සූර්ය බල ශක්තිය ලබා ගැනීම සීමා කිරීමට, අඩු කිරීමට හෝ නැවැත්වීමට කිසිදු අදහසක් නොමැති බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ අද (19) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ය.
එමෙන්ම, ඔහු කියා සිටියේ 70%ක පුනර්ජනනීය බල ශක්ති ඉලක්කයක් කරා යන ගමනක සිටින බවත් ඒ හේතුවෙන් සූර්ය බලශක්තිය අවශ්‍යය බවත් ය.
කෙසේ වෙතත්, ඒ මහතා සදහන් කළේ තිබූ තත්වය ක්‍රමවත් කිරීමේ වැඩපිලිවෙලක් සිදු කරමින් සිටින බවත් බලශක්ති ප්‍රතිපත්තියට අනුව මෙගාවොට් 2000ක් කඩිනමින් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බවත් ය.
You May Like This Video👇