ලංගම බස්වලට මොකද්ද මේ වෙන්නේ? - අදත් බිහිසුණු අනතුරක් [PHOTOS]

Report

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් අද (02) උදෑසන 8:30ට පමණ අනතුරට පත් වී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසිය පවසා සිටිනවා.

අනතුරට පත් බස් රථය කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වු බස් රථයක් බවයි සඳහන් වන්නේ . එම බස් රථය වටවල දියගල නෝර්ටන්බ්‍රිජ් හරහා මස්කෙළිය දක්වා ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ එක්වරම ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය එක්වරම රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය මාර්ගයේ වම්පස කාණුවකට වැටී නතර වී තිබෙනවා.   

මහින්ද විශ්‍රාම ගනී.. ADB හි නව තනතුරකට

මහින්ද විශ්‍රාම ගනී.. ADB හි නව තනතුරකට

අධික බෑවුමක් සහිත ස්ථානයක දි බස් රථය අනතුරට පත් වී ඇති අතර,  බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ බස් රථය තුළ 20 දෙනෙකු පමණ ගමන් කර ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසිය කියා සිටියා.   

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක

කෙසේ වෙතත් අදාළ අනතුර හේතුවෙන් එම මාර්ගයේ බර වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බවයි වාර්තා වී ඇත්තේ .

ලංගම බස්වලට මොකද්ද මේ වෙන්නේ? - අදත් බිහිසුණු අනතුරක්  | Sltb Bus Involved In Accident

ලංගම බස්වලට මොකද්ද මේ වෙන්නේ? - අදත් බිහිසුණු අනතුරක්  | Sltb Bus Involved In Accident

ලංගම බස්වලට මොකද්ද මේ වෙන්නේ? - අදත් බිහිසුණු අනතුරක්  | Sltb Bus Involved In Accident