සන්නිවේදන සබදතා බිඳ වැටීමේ අවදානම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Report

ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඇති වූ හානි අතරේ බිම වැටී ඇති Fibre (තන්තු) සහ Copper (තඹ) කේබල් ඉවත් කිරීම හෝ කපා දැමීම සිදු නොකරන ලෙස SLT-MOBITEL මඟින් ඉල්ලා සිටියි.

එමෙන්ම SLT-MOBITEL අවධාරණය කරන්නේ මෙම කේබල් බිම වැටී තිබුණ ද ක්‍රියාත්මක වන බවයි. එහෙත් ඒවා ඉවත් කිරීම හෝ කපා දැමීම නිසා නගර ගණනාවකට සන්නිවේදන අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වූ සිදුවීම් දැනටමත් වාර්තා වී ඇති බවට SLT-MOBITEL සඳහන් කරයි.

සන්නිවේදන සබදතා බිඳ වැටීමේ අවදානම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් | Slt Warns Of Cable Removal Risk

එසේම මෙම අර්බුදකාරී අවස්ථාවේදී සන්නිවේදනය මැනවින් පවත්වාගෙන යෑමේ කාර්යභාරයට, SLT-MOBITEL Fibre සහ Copper කේබල්වලට හානි සිදුවීමට ඉඩ නොදී, සියලු දෙනාගේ වටිනා සහයෝගය ද ලබාදෙන ලෙසට SLT-MOBITEL සියලු දෙනාගෙන්ම ඉල්ලා ඇත.

මේ අතර SLT-MOBITEL ආයතනය මෙම ආපදා අවස්ථාවේදී ශ්‍රී ලාංකික ජනතාව සමඟ නිරන්තරයෙන් සිටින බවත් , ඔවුන්ට උපරිමයෙන් සහාය ලබාදීම තම අභිප්‍රාය බවත් වැඩිදුරටත් පෙන්වා දෙයි. 

ආපදා නිසා තවත් නරක ආරංචියක්

ආපදා නිසා තවත් නරක ආරංචියක්

ආයෙත් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට සීමාවක් මෙහෙනුත් වහලා

ආයෙත් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට සීමාවක් මෙහෙනුත් වහලා

ආපදාවෙන් විනාශ වූ රථ වාහන ලිය කියවිලි යළි සකසන්නේ මෙහෙමයි - මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

ආපදාවෙන් විනාශ වූ රථ වාහන ලිය කියවිලි යළි සකසන්නේ මෙහෙමයි - මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්