සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහ අත්අඩංගුවට

Report

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ යන අය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රූපවාහිනී සංස්ථාව හි අනුමත කාර්ය මණ්ඩලයෙන් පිටත සේවකයින් හය දෙනෙකු බඳවාගෙන, ඔවුන් කෙහෙළිය රඹුක්වැල්ල හි පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කර තිබූ බවට චෝදනා එල්ල වීම නිසයි.

එම සේවකයින් රූපවාහිනී සංස්ථාවෙන් වැටුප් ලබාගනිමින් සිටියද, එම ක්‍රියාමාර්ගය හේතුවෙන් රුපියල් මිලියන 14.32ක පාඩුවක් සිදුව ඇති බවට වාර්තා වේ.

ධීවරයන්ටත් ගොවීන්ටත් ජනපතිගෙන් විශාල සහන

ධීවරයන්ටත් ගොවීන්ටත් ජනපතිගෙන් විශාල සහන

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම සිද්ධිය රජයේ ආයතනවල සම්පත් භාවිතය පිළිබඳ ගැටළු සහ අක්‍රමිකතා පිළිබඳ නව සංවාදයක් ඇති කර තිබේ.

ගෑස් පෝලිම්වල මිනිස්සු මැරුණු යුගය දැන් නැහැ.. ඒ ගැන සතුටු වෙන්න - මාලිමා මන්ත්‍රී

ගෑස් පෝලිම්වල මිනිස්සු මැරුණු යුගය දැන් නැහැ.. ඒ ගැන සතුටු වෙන්න - මාලිමා මන්ත්‍රී