ගෑස් පෝලිම්වල මිනිස්සු මැරුණු යුගය දැන් නැහැ.. ඒ ගැන සතුටු වෙන්න - මාලිමා මන්ත්‍රී

Report

රටේ වත්මන් තත්ත්වය අනුව, මීට පෙර මාසයකදී භාවිතා කළ ඉන්ධන ප්‍රමාණය දැන් මාස තුනකටවත් අරපරිස්සමින් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පවසයි.

“ගෑස් සැපයුම ගැන ගත්තොත්, මීට පෙර ඔබ දන්නවා.. යුද්ධයක් ඇති වුණේ නැහැ. රට ඇතුළේ ආර්ථික අර්බුදයක් නිසා ගෑස් දෙන්න බැරිව ගෑස් පෝලිම්වල මිනිස්සු මැරුණු යුගයක් තිබුණා. ඒ වගේම ගෑස් ටැංකි පුපුරලා මිනිස්සු මැරුණු යුගයක්ද තිබුණා. ඒ නිසා තෙල් ටික මාසයකට පාවිච්චි කරන එක මාස තුනකට පාවිච්චි කරගන්න. විදුලිය මාසයකට පාවිච්චි කරන එක මාස තුනකටවත් පාවිච්චි කරගන්න. ගෑස් මාසයකට පාවිච්චි කරන්න පුළුවන් එක අරපරිස්සමින් විකල්ප දේවල් භාවිතා කරගෙන, සීමාව අවබෝධ කරගෙන බුද්ධිමත්ව කටයුතු කරන්න. ලංකාවේ පවුල් ලක්ෂ 60ක් ඉන්නවා. එක බල්බ් එකක් ඕෆ් කළොත් මොකද වෙන්නේ? ඩොලර් ඉතුරු වෙනවා, විදුලිය ඉතුරු වෙනවා, රටේ ආර්ථික අර්බුදයක් නැති වෙනවා”

යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.

මංජුල සුරවීර ආරච්චි මහතා මේ බව පැවසුවේ ඊයේ (06) බගවන්තලාව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

සුභ ආරංචියක් - අප්‍රේල් 9 සිට 21 දක්වා මුදල් ත්‍යාග - බස් ටිකට් පරිස්සම් කරගන්න

සුභ ආරංචියක් - අප්‍රේල් 9 සිට 21 දක්වා මුදල් ත්‍යාග - බස් ටිකට් පරිස්සම් කරගන්න

ඉන්ධන මිල ඉහළ යාමේ දෝංකාරයක් - පකිස්ථානයේ රාත්‍රී කාලයේ ලොක්ඩවුන් ක්‍රියාත්මකයි

ඉන්ධන මිල ඉහළ යාමේ දෝංකාරයක් - පකිස්ථානයේ රාත්‍රී කාලයේ ලොක්ඩවුන් ක්‍රියාත්මකයි